සජබ මන්ත්‍රී චමින්ද බණ්ඩාරවෙල සංවිධායක ධුරයෙන් අස්වෙයි
සමගි ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තමන් දැරූ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඊට අදාළ ලිපිය ඊයේ (23 දා) පෙරවරුවේ සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පාර්ලිමේන්තුවේ පිහටි විපක්ෂනායක කාර්යාලයේදී භාරදී ඇත.
ඒ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමේදී මන්ත්‍රීවරයා කියා සිටියේ සිය ඉල්ලා අස්වීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන බවයි