පෙර සිදුවීම් නැවත නැවත සමාජ මාධ්‍යයේ මුදා හැරියොත් වැඩ වරදී
මෙරටට පැමිණි පිලිපීන සංචාරකයෙකුට වැලිගම පිහිටි සර්ෆින් ආයතනයක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් එම සංචාරකයා සිය යූටියුබ් ගිණුමේ ඊයේ (24) පළ කර තිබුණි.
කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ‘අද දෙරණ’ කළ විමසීමේදී වැලිගම පොලීසිය පැවසුවේ, එම සිද්ධිය පසුගිය වසරේ පෙබරවාරි 14 වනදා වාර්තාවූවක් බවයි. ඒ සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතින අතර, මෙම වසරේ එළැඹෙන සැප්තැම්බර් 11වනදා එම නඩුව යළි කැඳවීමට නියමිත බවත් පැවසීය. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයද අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනයට අනුව මෙම සිදුවීම සිදු වූ දිනම අදාළ පිලිපීන ජාතිකයා තමන්ට පහරදුන් බව පවසමින් වැලිගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත…..|තව කියවන්න අද දෙරණ