විදේශිකයින්ට සිදු වන හිරිහැර පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු ය
එක්සත් රාජධානියේ ආරක්‍ෂක අමාත්‍යාංශය සහ විදේශ අමාත්‍යාංශය සතුව ලංකාව ගැන වෙනම ගයිඩ් ලයින් එකක් තිබේ. මේ Guide Line එකට අනුව ලංකාවේ සංචාරය කිරීම අනතුරුදායක වැඩකි. සංචාරකයන්ට හිරිහැර කිරීම, සංචාරකයන්ගේ බෑග් උස්සන් පැන යෑම, සංචාරකයන්ට වංචා කිරීම යනාදිය ලංකාවේ දී සිදුවන බව ඒ වාර්තාව කියයි. ලංකාවේ ත්‍රස්තවාදය ගැන මේ වාර්තාව තුළ වෙනම කොටසක් තිබේ. ඒ අනුව සංචාරකයන් ගැවසෙන හෝටල්, පූජනීය ස්ථාන, ප්‍රසිද්ධ ස්ථාන, වෙරළ තීර, සැණකෙළි පවත්වන තැන්, නයිට් ක්ලබ් යනාදියෙහි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හටගන්නවා ඇත. බ්‍රිතාන්‍යය මේ ගයිඩ් ලයින් එක මේ දවස්වල ලාච්චුවේ දමා වසා ඇත. හැබැයි සංචාරකයකුට එරෙහිව මේ රටේ සිදුවන ඕනෑම නොකටයුත්තක දී මේ නිවේදනය ඉදිරියට ඇද, රතු නිවේදනයක් බවට ප්‍රකාශ කර ලොව පුරා යැවීමට, බ්‍රිතාන්‍යය, ඉතාම කැමැත්තෙන් සහ උනන්දුවෙන් සිටී. තම රටේ ජනයා පිටරටක සිටින විට ඔවුන් ගැන අවධානයෙන් සිටීම අධිරාජ්‍යවාදී රටවල ක්‍රියාකලාපය වේ.
පිටරට සිටින තම රටවැසියා හොරෙක්, වංචාකාරයෙක්, මිනීමරුවෙක් හෝ කුඩුකාරයෙක් වුවද ඔහු හෝ ඇය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය තරයේම පෙනී සිටී. මේ පිළිබඳ නොබෝදා ඇති වූ උදාහරණයක් ගැන කියමු. මත්ද්‍රව්‍ය කිලෝ සියයක් පමණ රැගෙන 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් ශ්‍රී ලංකාවට පැමිණියා ය. ගුවන්තොටුපළේ දී මේ බඩු තොගය අත්අඩංගුවට ගෙන ඒවායේ අයිතිකාරිය ලෙස සැලකෙන සුදු තරුණිය රිමාන්ඩ් කරන ලදී. එංගලන්තයේ සිරගෙවල්වල මෙන් වායුසමීකරණ යන්ත්‍ර ලංකාවේ නැත. එසේම එංගලන්තයේ සිරගෙවල්වල දෙන කෑම මෙන් හොඳ කෑම ලංකාවේ සිරගෙවල්වල නැත…..|තව කියවන්න දිවයින