මත්ද්‍රව්‍ය භාවිතය සහ ඊට එරෙහි සමාජ මතයක් ගොඩනැගීම පිළිබද වැඩමුළුවක්
සමාජ ගැටලුවක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය භාවිතය සහ එයට එරෙහි සමාජ මතයක් ගොඩනැගීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.
ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිණිගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මතින් නිදහස් සේවයක් සෞඛ්‍යමත් ශ්‍රම බලකායක් අරමුණු කර ගනිමින් පැවැත්වෙන සුරක්ෂා මාධ්‍ය පාලක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන් මාලාවේ 6 වන වැඩසටහන ලෙසයි මෙය පැවැත්වුනේ.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය / කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධාන කළා