ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාව දුර්වලයි…! – ෆීල්ඩ් මාර්ෂල්
පාලකයන් නිදා ගෙන සිටියහොත් නැවත උතුරේ ත්‍රස්තවාදය නැගී සිටීමේ අවධානමක් ඇතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ මිස IMF වැඩක් නොවන බවත් හමුදාවේ පිරිස් බලය අඩු කිරීමට, උතුරේ හමුදා කඳවුරු හා මුරපොළවල් ඉවත් කිරීමට, වෙල්ලමුල්ලිවයික්කාල් සහ වැල්වත්තේ ජන සංහාර දින සැමරුම්වලට තමන් එකඟ නොවන බවත් හෙතෙම අවධාරණය කරයි. අපේක්ෂිත ජාතික ආරක්ෂාව රට තුළ නොමැති අතර මහජන ආරක්ෂාව තුළ මේ වන විට හිඩැසක් මතුව ඇති බවත් ඒ සඳහා අවශ්‍ය බුද්ධිමත් නිර්මාණශීලී දක්ෂ මිනිසුන් ආණ්ඩුව තුළ සිටින්නේ නම් මේ වන විට එහි ප්‍රගතියක් ඇති විය යුතුව තිබූ බවත් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා ප්‍රකාශ කරයි…..|තව කියවන්න Asian MIRROR