Monday, June 23, 2025
Local News

වඩමාරච්චියේ ඉඩම් නිරවුල් කිරීම දෙමළ දේශපාලනයට බාධාවක් ද?

0

මැයි මස 23 වන දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක අගමැතිණියගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්විණ.එම රැස්වීම සඳහා ඉල්ලීම් කරනු ලැබූයේ උතුර පළාත නියෝජනය කරනු ලබන දෙමළ මන්ත්‍රීවරුන් විසිනි.2025/03/28 දින ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2430 අංකය ඇති ගැසට් නිවේදනය මෙම සාකච්ඡාවට හේතු විය. ඉඩම් අමාත්‍ය ලාල් කාන්ත මහතා සහ අදාළ නිළධාරීන් ද අගමැතිණිය ද දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මීට සාභාගි වී ඇත.. නමුත් විපක්ෂය නියෝජනය කරනු ලබන සිංහල මන්ත්‍රීවරයෙකු මීට සාභාගි වූ බවක් දැන ගන්නට නැත.යාපන දිස්ත්‍රික්කයේ වඩමාරච්චි ප්‍රදේශයේ 5617 සහ 5618 දරණ ගම්වල ඉඩම් නිරවුල් කිරීම සදහා පියවර ගැනීම මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමේ අරමුණයි.මෙහිදී දෙමළ මන්ත්‍රීවරුන් එම ගැසට් පත්‍රයට විරෝධය පළ කරන ලද අතර ඉඩම් හිමිකම් ඔප්පු කිරීමට දෙමළ ජනතාවට සාක්ෂි නොමැති හෙයින් විශේෂයෙන් පැවති යුද්ධ වකවානුව නිසා ලේඛන අහිමි වීමෙන් මෙම ගැසට් පත්‍රය අනුව හිමිකම් සහතික කර ගැනීමට නොහැකි වන බව ඔවුන්ගේ දුක් ගැනවිල්ල විය.මේ වන විට මෙම දෙමළ මන්ත්‍රීවරුන් ගේ බලපෑම මත අදාළ ගැසට් නිවේදනය තාවකාලිකව ඉවත් කරගෙන ඇත.

ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය ආරම්භ කරන ලද්දේ 1903 දීය. පසුව 1927 දී පත් කරන ලද ඉඩම් කොමිසමේ වාර්තාව අනුව 1931 අංක 20 දරණ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ ආඥා පනත සම්මත කර ඇත. ඉන්පසු 1935 ඉඩම් සංවර්ධන ආඥා පනත පැනවීම ද සිදු විය.. ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි පවතින  ඉඩම් සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කොට මැනීම් සිදු කොට රජයේ ඉඩම් වෙන් කර අවසාන ගම් සිතියම් සකස් කිරීම එහි අරමුණ විය.මේ කාර්යය දීර්ඝ කාලයක් තිස්සේ දැන් සිදුව ඇත.ඉඩම් නිරවුල් කිරීමේ ආරම්භ වන්නේ ගමක  තිබෙන ඉඩම් වල නාමයන් දියපහරවල් මාවත් ආදී සියල්ල සටහන් කර ගැසට් පත්‍රයක් පළ කිරීමෙනි.මාස තුනක් ඇතුළත ගම් වැසියන් තමන්ගේ හිමිකම් ඉදිරිපත් කළ යුතු වෙයි. එවිට ඒවා සලකා බලා පරීක්ෂණයකට ලක්කර රජයේ ඉඩම් සහ පෞද්ගලික ඉඩම් වෙන් කර අවසාන ගැසට් නිවේදනය නිකුත් කරනු ලබයි…..|තව කියවන්න Lankaweb

Share this :