කොවිඩ් ව්‍යාප්තිය සොයන්න PCR පරීක්ෂණ වැඩි කරයි
නව කොවිඩ් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේ දැයි සොයාබැලීම සඳහා රට පුරා PCR පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානමක් නැතත් ආසියාවේ කොවිඩ් රෝගීන් වර්ධනය වීම හේතුවෙන් මෙරට ජනතාවගේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය. නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව ජනතාව මේ අවස්ථාවේ බිය විය යුතු නැතත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මුඛ ආවරණ පැලඳීම සිදු කරන ලෙස ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පෙරේදා (28) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව ලේකම්වරයා පැවසීය.
වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ ද කීවේය. “අපි නැවතත් වසංගත විද්‍යා අංශය ඇතුළු කණ්ඩායම් රැස් කරලා, ප්‍රධාන සාකච්ඡාව පැවැත්වූවා. අපිට කියන්න තියෙන්නේ මේ අවස්ථාවේ ජනතාව බිය වීමට තරම් කාරණයක් නෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ ශ්‍රී ලංකාවට මේක එන්නේ නෑ කියලා…..|තව කියවන්න දිනමිණ