වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය අදයි
ජගත් පරිසර දිනයට සමගාමීව නම් කර ඇති ජාතික පරිසර සතියට අදාළව අද (31) දින නම් කර ඇත්තේ වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය ලෙසයි.
එම දිනයට අදාළ වැඩසටහන් රැසක් පරිසර අමාත්‍යංශය සහ අමාත්‍යංශයට අනුබද්ධ අනෙකුත් ආයතන විසින් සංවිධානය කර ඇත. ඒ අනුව මෙම දිනයට සමගාමීව පරිසර අමාත්‍යංශය, වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් යතුරු පැදි සහ ත්‍රීරෝද රථ නොමිලේ සුසර කර දීමේ කඳවුරක් සහ ඉන්ධන කාර්යක්ෂමතාවය හා වායු දුෂණය පිළිබඳව දැනුවත් වීමේ වැඩසටහනක් කෑගල්ල නිදහස් මාවත කේන්ද්‍ර කර ගනිමින් අද (31) උදෑසන 10 සිට පැවැත්වේ….තව කියවන්න sinhala.news.lk