මාස 4ට අල්ලස් පැමිණිලි 1726ක්
අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම වර්ෂයේ (2025) මුල් මාස හතරේ දී පමණක් පැමිණිලි 1726ක් ලැබී ඇති බැව් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
ඉන් පැමිණිලි කමිටුව වෙත පැමිණිලි 1,352ක් ඉදිරිපත් කර ඇති අතර විමර්ශන කටයුතු සඳහා නියෝග ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 200කි. ප්‍රමාණවත් කරුණු නොතිබීම සහ අල්ලස් පනතට අදාළ නොවීම නිසා විමර්ශනය නොකිරීම සඳහා නියෝග ලද පැමිණිලි සංඛ්‍යාව 450කි. වෙනත් ආයතන වෙත පැමිණිලි 234ක් යොමුකර ඇති අතර ප්‍රකාශ සටහන් කර ගැනීමට විමර්ශන අංශය වෙත යොමු කළ පැමිණිලි සංඛ්‍යාව 147කි. වාර්තා කැඳවීමට සහ වෙනත් අමතර කරුණු සඳහා පැමිණිලි 321ක් යොමුකළ බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පෙන්වා දෙයි…..|තව කියවන්න දිවයින