Sunday, June 8, 2025
Local News

දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින් මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට රජයේ උපරිම සහය

0

සෙලෝජන් ලංකා (පුද්) සමාගමේ පළමු ඖෂධ තොගය අපනයනය පේරු රාජ්‍යයට 

රජයක් ලෙස මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින්, ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට  දිය හැකි උපරිම සහාය අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ සෙලෝජන් ලංකා (පුද්) සමාගම (Celogen Lanka (pvt) Ltd) මගින් අපනයනය සදහා සූදානම් කළ ප්‍රථම ඖෂධ තොගය සංකේතාත්මකව හදුන්වා දීමේ අවස්ථාවට එක්වෙමිනි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පසුගියදා එම කාර්යය සිදුවිය. සෙලෝජන් ලංකා (පුද්) සමාගමේ සභාපති වී. නඩරාජා මහතා විසින් එම ඖෂධ තොගය සංකේතාත්මකව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට හදුන්වා දීමට මෙහි දී පියවර ගන්නා ලදී. හෘද රෝගීන් සදහා භාවිතා කරන මෙම ඖෂධ තොගය පේරු රාජ්‍ය සදහා අපනයනය කිරීමට සෙලෝජන් ලංකා (පුද්) සමාගම සැලසුම් කර ඇත. එම  ඖෂධ තොගයේ වටිනාකම රුපියල් මිලියන 45 කි…..|තව කියවන්න news.lk

Share this :