50% නොමැති පළාත් පාලන ආයතන 178ක බලය පිහිටුවන්නේ කොහොම ද?
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව සියලු පළාත් පාලන අයතනවල ධූර කාලය අදින් (ජූනි 2) ආරම්භ වෙයි.
දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමි කර ගනු ලැබ ඇති පළාත් පාලන ආයතන 161කට අදාළව සභා පිහිටුවීම අද දිනයේදී සිදුකළ හැකි ය. සෙසු ආයතනවල රැස්වීම් පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වී තීරණය කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. 2025 පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම සඳහා ලබා දී ඇති කාල සීමාව මැයි 30 වන දා මාධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර සභිකයින්ගේ නම් මේ වන විට ගැසට් කර තිබේ…..|තව කියවන්න BBC NEWS සිංහල