Sunday, June 8, 2025
Local News

ඉමියුනිග්ලොබින් ගැන ඇතැම් මාධ්‍ය පළකරන තොරතුරු අසත්‍යයි – ඖෂධ නියාමන අධිකාරිය

0

ඉමියුනිග්ලොබින් ඖෂධය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය පළකරන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවධාරණය කරනවා.

පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වු ඉමියුනිග්ලොබින් ඖෂධ තොගය සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කර ඇති අතර මේ වනවිට රෝගීන් වෙත ලබාදෙන්නේ 2023 වසරේ ලියාපදිංචිය ලබාගත් සමාගමක් ගෙන්වූ ඉමියුනිග්ලොබින් ඖෂධ තොගයක් බවයි එම අධිකාරිය අවධාරණය කරන්නේ. දැනට භාවිත කෙරෙන ඉමියුනිග්ලොබින් ඖෂධය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය පසුගිය දිනවල තොරතුරු වාර්තා කර තිබුණා. පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ මෙම ඖෂධ තොගය යළිත් භාවිතයට ගෙන ඇති බවට එම වාර්තාවල පළවූ තොරතුරු සම්පූර්ණයෙන් අසත්‍ය බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවධාරණය කරනවා…..|තව කියවන්න ITN ප්‍රවෘත්ති

Share this :