ජනාධිපති හා ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අතර සාකච්ඡාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (03) පෙරවරුවේ පවත්වා තිබෙනවා .
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ . ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර ගමනක් ආරම්භ කර ඇති බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දූෂණය හා වංචාව පිටු දැකීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද රිචර්ඩ් මාල්ස් මහතාව දැනුම්වත් කර තිබෙනවා…..|තව කියවන්න ITN ප්රවෘත්ති