Sunday, June 8, 2025
shortnews

පිරිසිදු බලශක්ති මූලාශ්‍ර සංවර්ධනයට සහ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට ප්‍රංශයෙන් සහය

0

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වැඩිදියුණු කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රේමි ලැම්බර්ට් (Rémi Lambert ) මහතා සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර විශේෂ හමුවක් ඊයේ (03) බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි.

මෙහිදී දෙරට අතර බලශක්ති සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

තවද, පිරිසිදු බලශක්ති මූලාශ්‍ර, විශේෂයෙන් සූර්ය බලශක්ති සහ සුළං බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීමේ හැකියාවන් පිළිබඳවත්, ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව ඉහළ නැංවීම පීලිබඳවත්, බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා තාක්ෂණික සහ මූල්‍යමය සහයෝගීතා ව්‍යාපෘති පිළිබඳවත්, පරිසර හිතකාමී බලශක්ති ප්‍රවර්ධනය සඳහා ගතහැකි නව ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

Share this :