Sunday, June 8, 2025
Local News

BRICS සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජයට ‘උනන්දුවක් නැති’ ද?

0

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව ජාත්‍යන්තර සමුළුවක් සඳහා වූ පළමු ආරාධනය රුසියානු ජනාධිපතිවරයාගෙන් ලැබුණු අතර, ඒ, 16 වන BRICS සමුළුවට සහභාගී වීම සඳහා ය.

එහෙත්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එම ආරාධනාව ප්‍රතික්ෂේප කර තිබූ අතර, ජනාධිපතිවරයා එලෙස තමන් ලද ආරාධනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවේ රටේ ආරක්ෂක තත්ත්වයේ ඇති වූ ගැටලු හේතුවෙන් බව එවක කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කර තිබිණි. “අමාත්‍යවරුන් තුන් දෙනෙක් තමයි රට පාලනය කරන්නේ. දැන් හදිස්සි ආරක්ෂක තත්ත්වයකුත් මතු වුණා. ජනාධිපතිතුමා ආරක්ෂක ඇමති. එතකොට කසාන්වලට ගිහිල්ලා හිටියා නම් ඔය ඊශ්‍රායල් අයට යම් බලපෑමක් එනවා කියලා තොරතුරු එනකොට ජනාධිපතිතුමා, ආරක්ෂක ඇමැතිවරයා රටේ නැහැ. බ්‍රික්ස් සමුළුවට සම්බන්ධ වුණේ නැත්තේ එවැනි හේතු මත.”…..|තව කියවන්න BBC NEWS සිංහල

Share this :