Sunday, June 8, 2025
Local News

අර්ථනිරූපණය කළ යුත්තේ කවර භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද?

0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කළ යුත්තේ ජනතාවගේ පරමාධිපත්‍යය නිරූපණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති නීති පැනවීමේ භාෂාවෙන් ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  3වන ව්‍යවස්ථාවේ ජනතාවගේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇති බවත්, 23 වන ව්‍යවස්ථා මගින් ජනතාවගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කරමින් නිරූපණය කරන නීති පැනවීමේ භාෂාවත් දක්වා ඇත. ඒ සිංහල භාෂාව ය. එනම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කළ යුත්තේ සිංහල භාෂාවෙන් පළ වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවය.

සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා දෙස නොබලා එම සිංහල ව්‍යවස්ථා අර්ථනිරූපණය නොකර  ජනතාවගේ පරමාධිපත්‍යය බලය නිරූපණය නොවන ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීම ජනතාවගේ පරමාධිපත්‍යය බලය ජනතාවගෙන් අහිමි කිරීමකි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන සහ 23වන ව්‍යවස්ථාව වලට අනුකූල තත්ත්වයක් නොවේ. ඒවාට අනනුකූල වෙයි. ජනතාවගේ පරමාධිපත්‍යය බලය නිරූපණය කරන සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ ආ. ඡේදය අනුව ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය අඩු කිරීමට හෝ වැඩි කිරීමට එනම් සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කිරීම අවශ්‍ය වේ…..|තව කියවන්න Lankaweb

Share this :