Saturday, June 7, 2025
Local News

කොළඹ සජබ බලය පිහිටුවීම නවත්වන්නට ආණ්ඩුව කුමන්ත්‍රණ කරනවා – මුජිබර් රහුමාන්

0

කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා සමගි ජනබලවේගයේ නායකත්වය ඇතිව කටයුතු කරන අතරේ එය වැළැක්වීමට ආණ්ඩුව කුමන්ත්‍රණ සිදු කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (04 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගීවූ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීය,

“බහුතර බලයක් ලබා නොගත් බස්නාහිර පළාත තුළ තිබෙන නගර සභා සහ ප්‍රාදේශීය සභා කිහිපයක සභිකයන් හරහා එම නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා නගරාධිපතිවරයෙක්, නියෝජ්‍ය නගරාධිපති වරයෙක්, සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක් පත්කර ගැනීම සඳහා දිනයන් සහ වේලාවන් ලබාදී පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ නගර සභාව සඳහා තේරී පත්වුණ සියලුම සභිකන්ට ලබන 16වැනිදා ආරාධනා කර තිබෙනවා. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා, නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා ගැනිම සඳහා අවශ්‍ය ඡන්දය පවත්වන්න කටයුතු කරනු ලබනවා…..|තව කියවන්න දිවයින

Share this :