Saturday, June 7, 2025
International

ලොවම කතා වෙන බුර්කිනා ෆාසෝ හමුදා පාලකයා

0

බුර්කිනා ෆාසෝ ඉතිහාසය පුරාම ජුන්ටා රජයන් බිහිවීමේ කුප්‍රකට ඉතිහාසයකට හිමිකම් කියන බටහිර අප්‍රිකානු රාජ්‍යයකි. වයඹ දෙසින් මාලි රාජ්‍යයත්, ඊසාන දෙසින් නයිජර් රාජ්‍යයටත්, ගිනිකොන දෙසින් බෙනින් රාජ්‍යයටත්, දකුණින් ටෝගෝ සහ ඝානාව හා නිරිතදිගින් අයිවරි කොස්ට් රාජ්‍යයටත් මායිම් වූ දරිද්‍රතාවයේ අන්තයටම ගිය ජනතාවක් ජීවත්වන රටකි. සියවස් ගණනාවක් පුරා ප්‍රංශ යටත් විජිතයක්ව පැවැති බුර්කිනා ෆාසෝ නිදහස ලැබුවේ හැටේ දශකයේ මුල් භාගයේදීය. එහෙත් එතැන් සිට ගත වූ දශක ගණනාවක කාලය පුරා ප්‍රංශයේ විවිධ බලපෑම්වලින් අඩුවක් නොවීය. රටේ ස්වභාවික සම්පත් සූරාකෑමේ පටු අරමුණින් යුතුව ක්‍රියාත්මක වන විවිධ විදේශීය බලවේග විසින් රට අස්ථාවර කිරීමට සැලසුම්සහගතව සිදු කරන හමුදා කුමන්ත්‍රණ, අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදය, සිවිල් යුද ගැටුම්වලින් ද පිරුණු රටකි. දේශපාලන හා සමාජයීය ව්‍යසන රැසක් මධ්‍යයේ සිය ජීවිතය ගැටගසා ගැනීමේ අභියෝග රැසකට මුහුණපා සිටින එරට මිලියන 23ක ජනතාවට වසංගත රෝග, සාගත, ගංවතුර, දිගුකාලීන ඉඩෝර වැනි ස්වභාවික විපත්තිවලින් ද උපරිම බැට කෑහ.

මේ වන විට ලොවම කතා කරන ඉබ්‍රාහිම් ට්‍රවුරේ නමැති ළාබාල හමුදා නිලධාරියා බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ බලය උදුරා ගන්නේ එවැනි පසුබිමකදීය. ඔහු බලයට පත්වන්නේ ද 2022 වසරේ සැප්තැම්බරයේ සිදුකළ හමුදා කුමන්ත්‍රණයකිනි. එය වසරේ දෙවැනි හමුදා කුමන්ත්‍රණය ද විය. ඊට පෙර ජනවාරියේදී එවකට බලයේ සිටි ජනාධිපති රොච් කබෝරේගේ රජය පෙරළා දමා ලුතිනන් කර්නල් පෝල් හෙන්රි ඩමීබා රාජ්‍ය බලය පැහැරගත්තේය. ඔහුගේ නායකත්වයෙන් යුතු ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණය සඳහා වූ දේශප්‍රේමී ව්‍යාපාරයට (The Patriotic Movement for Safeguard and Restoration – MPSR) එරට මිලිටරි සහාය නොඅඩුව ලැබී තිබිණි…..|තව කියවන්න දිනමිණ

Share this :