නවසීලන්ත මඕරි මන්ත්රී හනා ඇතුළු තිදෙනෙකුට තහනමක්
යෝජිත නීතියකට විරෝධය පළකිරීම සඳහා මඕරි හකා නර්තනයක් නවසීලන්ත පාර්ලිමේන්තුව තුළදී සිදුකළ එරට මඕරි මන්ත්රීවරුන් තිදෙනෙකුට පාර්ලිමේන්තු තහනමක් පනවා තිබේ.
ඒ අනුව ඉකුත් වසරේ නොවැම්බර් මස අදාළ විරෝධතා හකා නර්තනය සිදුකළ විපක්ෂ මන්ත්රිනියක වන හනා-රවුති මයිපි-ක්ලාක්ට දින 7ක තහනමක් පනවා ඇත. එමෙන්ම ඇගේ දේශපාලන පක්ෂය වන ටෙ-පැටි-මාඕරිහි නායකයින් වන ඩෙබී නගරේවා-පැකර් සහ රවිරි වයිටිටි දෙදෙනාට දින 21 බැගින්ද තහනමක් පනවා තිබේ. නවසීලන්ත පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් එරට මන්ත්රීවරයෙකුට එරෙහිව දින තුනකට වැඩි තහනමක් පැනවූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි. යෝජිත නීතිය මගින් තම ස්වදේශික අයිතිවාසිකම් ආපසු හරවන බව පවසමින් හනා-රවුති ඇතුළු තිදෙනා ඉකුත් නොවැම්බර් මාසයේදී අදාළ විරෝධතා හකා නර්ථනය කළහ…..|තව කියවන්න අද දෙරණ