මෝදි සමග සාකච්ඡා කිරීමට කැනේඩියානු අගමැති සූදානම්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි G7 සමුළුවට සහභාගී වීම සඳහා කැනඩාවේ සංචාරයක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා G7 සමුළුවට සහභාගී වන බව වාර්තා වෙයි. වසර එකහමාරක කාලයක සිට ඉන්දියාව සහ කැනඩාව අතර පවතින මතභේදාත්මක තත්ත්වය යථාතත්ත්වයට පත් කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික පියවරක් ලෙස කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කර ඇති බව සඳහන් ය. ඒ අනුව G7 සමුළුව එළඹෙන 15 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වීමට නියමිත ය…..|තව කියවන්න අද දෙරණ