Thursday, July 25, 2024
Local Newsආර්ථික

රටක් හැටියට ගත් තීරණ නිසා යම් ස්ථාවර මට්ටමක සිට අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාදෙන්නට හැකි වුණා

1
ITN News|රටක් හැටියට ගත් තීරණ නිසා යම් ස්ථාවර මට්ටමක සිට අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාදෙන්නටත් ජනතාවට සහන ලබාදෙන්නත් හැකි වී තිබෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා (01) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය. පාරිභෝගිකයන් ලක්ෂ 17ක් ඉන්න ඒකක 30ක් දක්වා වන කාණ්ඩය සියයට 65%කින් විදුලි බිල අඩු වෙනවා. පාරිභෝගිකයන් ලක්ෂ 18ක් ඉන්න,ඒකක 30-60 අතර සියයට 47%කින් විදුලි බිල අඩු වෙනවා. පාරිභෝකිකයින් ලක්ෂ 13ක් ඉන්න, එකක 60-90 අතර සියයට 24%කින් බිල අඩු වෙනවා. ඒකක 90-120 අතර සියයට 19%කින් විදුලි බිල අඩු වෙනවා|වැඩිදුර කියවන්න
Share this :