NPP ආණ්ඩුවත් කාදිනල් හිමිව අන්දවනවාද?
පසුගිය ජනාධිපතිවරණයේදී කාදිනල් හිමියන්ටයි පල්ලියටයි තිබුණේ තේරීම් තුනකි. රනිල්, සජිත්, අනුර. තුන්දෙනා අතරින් රනිල්ගේ පියා ක්‍රිස්තියානි පවුලකින් පැවැත එන්නෙකි. රනිල්ගේ පියාගේ සහෝදරයා ක්‍රිස්තියානි පල්ලියේ කුරුණෑගල දිසාව භාර බිෂොප්ය. මේ නිසාම ශ්‍රීලනිපය සහ ජවිපෙ රනිල් පල්ලියේ දොන් ජුවන් ධර්මපාල ලෙස හංවඩු ගැසීය. උතුරේ යුද්ධය සාමයෙන් විසඳන ලෙස එවක කතෝලික පල්ලිය තද මතයක සිටි අතර, 2002 අගමැති වූ රනිල් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කොට සාම ක්‍රියාවලිය ආරම්භ කළේය. උතුරේ යුද්ධය සාමයෙන් විසඳන්න යැයි පල්ලිය කීවේ උතුරේ සහ නැගෙනහිර පදිංචි කතෝලික සිවිල් ජනයා සහ පල්ලියේ පූජකවරු ප්‍රභාකරන්ටත් හමුදාවටත් මැදිවී අන්ත දුකක් විඳපු නිසාය.
සජිත්ගේ පියා ප්‍රේමදාස අගමැති කාලයේ මඩු පල්ලියේ නිවාස, ජලය, වැසිකිළි පහසුකම් හදන්න ලොකු සේවයක් කළේය. පල්ලිය සමග සමීප සබඳතා පැවැත්වූ යූ.ඇන්.පී. පක්ෂයේ ඔහු නායකයෙක්, අගමැතිවරයෙක් සහ ජනාධිපතිවරයෙක් විය. 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයට පසු විනාශ වූ කොච්චිකඩේ පල්ලිය ඉතා කෙටි කලක් තුළ හදා දුන්නේ එවක නිවාස ඇමැති සජිත් ප්‍රේමදාය. කාදිනල් හිමි සහ පල්ලිය ඒ සඳහා ප්‍රසිද්ධියේ ඔහුට ප්‍රශංසා කළහ. 2019 ජනාධිපතිවරණයේදී පල්ලිය කොහොම වෙතත් කාදිනල් හිමියෝ පෞද්ගලිකවම ගෝඨාභය දිනවන්න වැඩ කළ අතර, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුවෙන්නේ ගෝඨාභය දිනුවොත් යැයි විශ්වාස කළහ. සජිත් පරාජය විය. ගෝඨා ජයග්‍රහණය කොට පාස්කු ප්‍රහාරය ගැන සොයාබලන විමර්ශන කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමුකළේ නැත. ඒ වෙලාවේ පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා සෙවිය යුතුය යන සටන පටන් ගත්තේ සජිත් සහ සමගි ජන බලවේගයය. ඔවුහු හැමදාම පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කළහ. මහමොළකරු සොයන සටනට කාදිනල් හිමිට සහාය පළ කළහ..…|තව කියවන්න මව්රට